යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමත් රට ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යට සහය වීමටත් සම්මුතිවාදය ගොඩනැඟීමටත් සහාය වන මෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව නව ආණ්ඩුවේ සම්මුතිවාදයට සහයෝගය දක්වන ලෙසත් සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තීයවේදීන් පෙරට විත් නව ආණ්ඩුවට සහයෝගය දක්වන ලෙස ද තරුණ වෘත්තීයවේදීන්ගේ එකතුව වන 2021 සංවිධානය ඉල්ලා සිටියි.
එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා අගමැතිවරයා ජාතිය අමතමින් කළ ඉල්ලීම උපුටා දක්වමින් පවසනුයේ සියලු වෘත්තීයවේදීන් ද සංවර්ධන කාර්ය සඳහා එක්ව නව රජයට සහයෝය දැක්විය යුතු බවයි.
දේශපාලන පක්ෂ භේද නොසලකා දුක් විඳින අයට යහපත ඉටුකරන්නට වෘත්තියවේදීන්ගේ දැනුම ද නොඅඩුව ලබාදීමට කැපවෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි. නව ආණ්ඩුවට වෘත්තීයවේදීන් රැසක් මන්ත්‍රීවරුන් ලෙස පත්වීම පිළිබඳවද සතුටු වන බවත් රජය දෙනු ලැබු පොරොන්දු හා ඉටු කරනු ලබන සියලු කාර්යයන් විමර්ශනාත්මකව අවධානයට ලක්කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

