‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත.

විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවෙමින් ධුරයෙන් නික්ම යෑමට නියමිත ඇමෙරිකා තානාපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. 

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා  ආර්. සම්බන්ධයෙන් මහතා හමු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය ඉහත කරුණු සඳහන් කළේය. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරගැනීම මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි බවත් වැඩි වැඩියෙන් ආර්ථික ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවත් තානාපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ක්‍රියාත්මක පවතින බවත් එය ද්විපාර්ශවීය සබඳතාවලට වැදගත් බවත් තානාපතිවරයා මෙම හමුවේදී තවදුරටත් පෙන්වා දී ඇත.

සාමය සහ සංහිඳියාව උදා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ අරමුණු ධනාත්මක ලෙස පැවැතිය යුතු බව මෙම හමුවේදී පවසා ඇති තානාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබෙන ධනාත්මක ප්‍රතිරූපය උකසට ගත නොගත යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ. 

තම ධුර කාලයේදී දැක්වූ සහයෝගයට ආර්. සම්බන්ධන් මහතාට ස්තූතිවන්ත වී තිබෙන තානාපතිවරයා අනාගතයේදී ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දක්වන බව ද සඳහන් කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ඇත්තේ මන්දගාමී ස්වරූපයක් යැයි මෙහිදි අදහස් දක්වා තිබෙන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා තානාපතිවරයාට මෙසේ පවසා තිබේ.

“අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කරන ලද්දේ බොහෝ කාලයකට පසුවයි. හානිපූර්ණ පනත තවමත් සම්මත කර නැහැ. සත්‍ය, යුක්තිය සහ සංහිඳියා මෙන්ම නැවත සිදුනොවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා තවමත් ස්ථාපිත කර නැහැ.