‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ‘


කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක්ෂයේ අය පත් කළ බවත් නඩුයි බඩුයි ඔක්කෝම හාමුදුරුවන්ගේ තත්ත්වයට පත් වූ බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද(3) මාධ්‍ය හමුවකදී පැවසීය.

‘‘අගමැතිතුමා සහ අපි කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතාව පත් කළා. එසේ පත් කරලා බලාපොරොත්තු වුණේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් හරියටම වැඩේ කරයි කියලා. ඒත් කියන්න ලජ්ජයි එතුමා තුට්ටු දෙකේ දේශපාලනයක් කළා‘‘

web