(අංජුල මහික වීරරත්න)
සේවා කර්මාන්ත අපනයන සහ සංචාරක අංශ වලින් වැඩිපුර රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර දික් විජය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරගම මිල්ලනියේදී අද (22) පැවසීය.
වර්තමානය වන විට ආනයන භාණ්ඩ සමඟ තරග කරීමට තරම් ශ්‍රී ලාංකික කර්මාන්ත ශක්තිමත් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කිවේ බණ්ඩාරගම මිල්ලනිය උස්වත්ත බිස්කට් නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
විදුලිබල හා පුනර්ජිවනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහත්වරුන්ද මෙම අවස්තාවට සහභාගී වුහ.
ඡායාරූප - ඉෂාන් සංජිව