‘දේශපාලනය මහ එපා කරපු රස්සාවක්‘


දේශපාලනය මහ එපා කරපු ජොබ් එකක් බැනුම් අහලා එපා වෙනවා. මට විතරක් නොවේ අපේ අම්මටත් බනිනවා.  මෙකේ සම්පත් ටික උදුර ගන්න තාත්තා පුතා ගේනවා .අයියා මල්ලි ගේනවා. අපේ පවුලේ කිසිකෙනෙක් මම දේශපාලනයට ගෙන්නේත් නැහැ ගෙනල්ලත් නැහැ. මට තරම් මාධ්‍යයෙන් මඩ ගහන  වෙන කවුරුවත් නැති තරම් මට කසිප්පු කාරයා, එතනෝල්  කාරයා කියලා කියනවා. ඒ මොනවා කිව්වත් මම සැළෙන්නේ නැහැ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා  ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ලග්ගල හත්තොට අමුණ ප්‍රාදේශිය රෝහල් ඉදි කරන ලද  ගොඩනැඟිල්ලක්  විවෘත කරමිනි.

ඉතිහාසයේ ඉදිරිපත් කළ  හොඳම අයවැය  මෙවර අයවැයයි. වකුගඩු රෝගීන්ට රුපියල් 3000 ක දිමනාවක් ලබා දීමට යෝජනා කිරිම පිළිබඳ වකුගඩු රෝගීන් බහුලව සිටින ආසනයක් නියෝජනය කරන මන්ත්‍රි වරයෙකු ලෙස ජනාධීපතිතුමාට ස්තුති වන්ත වෙනවා මාතලේ දිස්ත්‍රික්කයේම වකුගඩු රෝගින් සමඟ කැළණි විහාරයට ගොස් ජනාධිපතිතුමාට සෙත්පතා බෝධි පුජාවක් පවත්වන බවද  ඒ මහතා  පැවසිය.