‘දේශපාලනය අධිකරණයට එපා‘


අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම් දේශපාලන බලපෑම් එල්ල නොවිය යුතු යැයි ද, ස්වාධීන අධිකරණයක් බිහිකැර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය සහිතව ක්‍රියාත්මක කළ යුතු යැයි ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව මහතා මහනුවරදී ප්‍රකාශ කෙළේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමක් අමතිමින්  ඔහු මෙසේ ද කීවේය. සුදුස්සාට  සුදුසු තැන හිමි විය යතුයි. නුසුදුස්සන් නිසා අධිකරණයත් හෑල්ලු වෙනවා. ඉතිහාස පුරා මෙවැනි දේ තිබුණා. අධිකරණය පිරිසුදු කිරීමට දේශපාලන බේදයෙන් තොරව බල වේගයක් තිබිය යුතුයි.  දඬුවම් දිය යුත්තේ පොල්ගෙඩියක් කොස්ගෙඩියක් හොරෙන්කඩන පුද්ගලයාට පමණක් නොවේ. මිනී මැරීමකට හවුල්වන දේශපාලනාඥයාට ලැබෙන සහනය අපරාධයක් කළ සාමාන්‍ය මිනිසාට අද හිමිවන්නේ නැහැ. අධිකරණයෙන් මිනිසාට ආරකෂාව තිබිය යුතුයි. මහජන විශාවාසය නොමැති විට අධිකරණය පවතින්නේ නැහැ. කෙටි මාර්ග වලින් අධිකරණයට බලපෑම් සිදුවෙනවා. මාදොළුවාවේ සෝභිත හිමියන් පැවැසුයේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරු යුක්තිය සාධාරණය සිහිනයක් පමණක් බවයි.‘‘අද රටේ සතර අගතිය හොඳින් දැක ගත හැකියි. යුද්ධය දිනා දුන් සරත් පොන්සේකා විශ්‍රාම යන විට කිසිම චෝදනාවක් නෑ. නමුත් අද ඔහු හිර ගෙදර. ඔහුට කඩිනම් නිදහස ලැබේවා.