‘දේශපාලන හොරුන්ට සැප්තැම්බරයේ නඩු‘ - රනිල්


දේශපාලනයට සම්බන්ධ තෝරුන්, මොරුන් හා හාල්මැස්සන් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කර්යාලයට පැමිණිලි 285ක් ලැබී ඇති බවත් එම පැමිණිලි වලින් 177ක මූලික පරික්ෂණ අවසන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) වාරියපොලදී පැවැසීය.

එම පැමිණිලි වලින් මුල්‍ය අපරාධ අංශයට පැමිණිලි 115ද, අල්ලස් කොමිසමට පැමිණිලි 35ක්ද, අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි 27ක්ද වැඩිදුර දුර විමර්ශනය සදහා යොමු කර තිබෙන බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මොවුන්ට එරෙහිව ලබන සැප්තැම්බර් මාසයේදී නඩු පැවැරිමට කටයුතු කරන බව පැවැසු අග්‍රමාත්‍යවරයා ඔවුනට දඩුවම් කිරීමට නව නීති අවශ්‍ය නම් අලුත් පාර්ලිමේන්තුවෙන් එම නිතී සම්පාදනය කර ගන්නා බවටද සදහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේ අල්ලස් හෝ දුෂණ කොමිසමට වසර ගණනාවක් තිස්සේ ලැබී තිබු ලිපි ගොනු 1500ක් පසකට දමා තිබු බවත් නව පාර්ලිමේන්තුව යටතේ අල්ලස් හෝ දුෂණ කොමිසමට නව කොමසාරිස් වරුන් පත් කර විමර්ශන විදිමත් කරන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කකුළුවන් දිය හැලියේ නටනවා සේ නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට පවසන බවද අග්‍රමාත්‍ය වරයා සදහන් කළේය.

යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.

IMG_7307 IMG_7366 IMG_7397