තමා එක්සත් ජාතික පක්ෂ සංවිධායකත්වයෙන් හා පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වන බව බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා කොස්ගොඩදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (28) පැවසීය.
බලපිටියේ දේශපාලන වේදිකාව යහපාලන වේදිකාවක් නොවන බවත් බලපිටියේ යහපාලනය විනාශ කළ පුද්ගලයා එජාපය සමග එකතුවූ බවත් එජාපය ජයග්‍රහණය කළහොත් නැවත බලය යන්නේ මංකොල්ලකරුවන්ට, මිනීමරුවන්ට, පාතාලයන්ට බවත් යුක්තිගරුක දේශපාලනඥයකු ලෙස තමාට මෙය බලා සිටිය නොහැකි බවත් කියමින් සොයිසා මහතා තනතුරුවලින් ඉල්ලා අස්වන බව කීවේය.
‘බලය නැති වෙලාවේ දුෂ්කර කාලයේදී බලපිටිය රැක ගත්තා. දේශපාලන ගණිකාවන්ට එජාපය විනාශ කරන්න දෙන්න බෑ‘ යැයි කී ඒ මහතා බලපිටිය හිටපු ප්‍රාදේශීය සභා සභාපති දයාරත්න ද සිල්වා එජාපයට එක් කරගැනීමට විරෝධය පළ කරමින් එසේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
වීඩියෝ - දීපාල් ද සිල්වා

