දේශපාලකයන් හා වෘත්තිකයන් අතර මනා සබඳතාවයක් නොමැතිවීම රටේ සංවර්ධනයට විශාල බාධාවකැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
දේශපාලකයන් හා වෘත්තිකයන් අතර පරතරය අවමවීම රටේ සංවර්ධනය වේගවත් වීම කෙරෙහි බලපාන බවත්, සංවර්ධන සැලසුම්, සාකච්ඡා, හමුවීම්වලදී නිලධාරීන් හා දේශපාලනඥයන් හැසිරෙන්නේ ආරාධිත අමුත්තන් ලෙසින් බවත් ජනපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කථා නොකිරීම මේ දුරස්ථ භාවය නිසා සිදුවන බවත් සබඳතාව මිත්‍රශීලී බව හා විශ්වාසය දෙපිරිස තුළ ඇතිවීමෙන් රටට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් ජනපති එහිදී කීවේය.
සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ විධායක ලේකම් පී. සමරසිංහ මහත්මිය හා එහි භාරකාර හා සංවිධාන කටයුතු සිදුකළ චිත්‍රා බොතේජු මහත්මියද ආචාර්ය, මහාචාර්ය වරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.





