ඉතාලියේ වෙරෝනා නුවර ජිවත්වන ප්‍රවීන නාට්‍ය වේදියකු වන ප්‍රනීත් දුනුවිලගේ නව නිර්මාණයක් වන ‘දෙවියෙක් ඇවිදින්‘ වේදිකා නාට්‍ය හෙට ජූනි මස පළමු වැනිදා වෙරෝනා නුවර නව සිනමා ශාලාවේදී වෙදිකාගතවීමට නියමිතය. 1987 වර්ෂයේ ජාතික තරුණසේවා සභාව විසින් ඉදිරිපත්කල යෝවුන්පුර නාට්‍ය උළෙලේදී හොදම නාට්‍යට හිමි සම්මානය ඇතුළු සම්මාන හතක් දිනාගත් ප්‍රනීත් දුනුවිල මෙයට පෙර ඉතාලියේදී ,යන්න දෙන්න බැහැ, යකෙක් බැදන් නාට්‍ය වැනි වේදිකා නාට්‍ය කරලියට ගෙන ඒමට දායක විය.

