‘අධ්‍යාපන ඇමැතිතුමාට හෝ නිලධාරීන්ට ඕනෑ විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බෑ.යලට මහට වගේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. කන්නන්ගර මහතා පටන්ගත් නිදහස් අධ්‍යාපනය නිදහසේ පවත්වාගෙන යා යුතුයි.‘
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක විදුහලේදී අද (08) එසේ පැවසීය.
‘අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාටවත් හිතෙන හිතෙන විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බැහැ.අකුණු ගහන තැන්වල ඉන්න මං බය නෑ.මොකද මගේ අතින් හෙණ වදින දේ සිදු වී නැති නිසා.පසුගිය දවසක මම කැබිලිත්තට ගියා.කතරගම දෙවියන් භාවනායෝගීව සිටින්නේ කැබිලිත්තේ.බොහෝ දෙනකු කතරගම යන්නේ දෙවියන්ට තියෙන ආදරය නිසාම නෙවේ.භක්තිය නිසාත් නෙවෙයි.තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නයි.සමහරුන් දෙවියන් යොදා ගන්නේ පෙරකදෝරුවන් ගණනටයි.එහෙම හොඳ නෑ ‘යනුවෙන්ද ඇමැතිවරයා පැවසීය.

