‘දෙම්දෝ නොදෙම්දෝ කියලා සිතුණි මට‘


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දීමට නියමිතව තිබූ පීකොක් මන්දිරිය ඔහුට හෝ වෙනත් පුද්ගලයකුට රුපියල් කෝටි 40කට විකුණා ඇතැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා පවසයි.

එම නිවස වෙනත් පුද්ගලයකුට විකුණා ඇත්දැයි යන්න සෙවීමට මුදල් විශුද්ධි කරන පනත යටතේ ලියනගේ මහතා අද පස්වරු දෙකට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.

අවුරුදු දෙකකට නිවස හිටපු ජනපතිට නොමිලයේ ලබා දීමට ගිවිසුමක් අත්සන් කිරීමට ලියනගේ මහතා යෝජනා කළත් හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් එය ප්‍රතික්ෂේප කළ බවත්,  අද (20) එම ගිවිසුම අත්සන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කැමැත්ත පළ තළත් ලියනගේ මහතා අකමැති වී ඇති බවත් කියති.

එම නිවස විකුණන බවට ලියනගේ මහතා අන්තර්ජාලයේ පළ කළ දැන්වීමක් අනුව අද දවස තුළ ගනුදෙනුව ඉවර කිරීමට ව්‍යාපාරිකයන් රැසක් කතා කළත් නීතිමයට ගැටළුවකට මැදිවේයැයි බියෙන් ඔහු එය නොවිකනීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

එම නිවස හිටපු ජනපතිගේ වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට කුකුළන් දෙදෙනකු ගෙනවිත් බලි තොවිලයක් නැටූ බව නිවසේ සේවකයන් කීවේය.