‘දෙනවා කියලා දුන්නේ නෑ ’


සංස්කෘතික කටයුතු ඇමැතිවරයා  තමන් වෙත නිළ වාහනයක්  ලබා දෙන බව  ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළද  මේ වන තුරුත්  එවැනි වාහනයක්  තමා වෙත ලබා දී නැතැයි  ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.

පසුගියදා ආදීවාසී දිනයේදී මෙය ලබා දෙන බව ජනමාධ්‍යය හරහා තමන් දැනගත් බවත්  මීට පෙර වාහනයක ඡායාරූප රැගෙන පෙන්වා  වාහනයක් ලබා දුන් බව  ප්‍රකාශකරමින් ජනතාව නොමග යැවු බවත් දිගින් දිගටම තමන්,තමන්ගේ  රැහේ අය හා ශ්‍රී ලාංකික ජනතාව රැවටීම පිළිබද තමා කණගාටු වන බව ආදීවාසී නායකයා සඳහන් කළේය.

වන්නිල ඇත්තන් හමුවීමට මාධ්‍යවේදීන් පිරිසක් එහි ගිය අවස්ථාවේදී එසේ පැවසිය.