දූෂණයට එරෙහි වීම තේමා කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාස 9 ත් ගතවී ඇතත් මේ වන තුරු එකම දේශපාලකයකුට හෝ එකම නඩුවක් හෝ පවරා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
ඒ වෙනුවට දූෂිත දෙශපාලකයින්ට දැවැන්ත අමාත්‍යංශ පුදා ඇතැයි කොළඹ ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
දූෂණ චෝදනා ඇති දේශපාලකයන් කිහිපදෙනෙක් ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට තම සංවිධානය රහස් පොලිසියට පැමිණිලි හතරක් ද, අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමට පැමිණිලි පණහක් ද දූෂණ මර්දන කමිටු ලේකමි කාර්යාලයට පැමිණිලි 73 ක් ද බාරදී ඇතැයි ද සමරසිංහ මහතා කීය.
මෙකී පැමිණිලිවල ප්‍රගතිය පිළිබද ව පොලිස්පතිනරයාගෙන් ලිඛිතව විමසන බවද ඔහු සඳහන් කළේය.


