(නාලක සංජීව දහනායක)
කොරෝනා වයිරසය ආරක්‍ෂාවීම සඳහා දෑත් පිරිසිදු කර ගැනීමට දිවයිනේ සියලු දුම්රියපොළ හා බස් නැවතුම්පළවල දෑත් සෝදා ගැනීමට මගීන්ට පහසුකම් සපයන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට අද (15) උපදෙස් දී ඇත.
බස් රථයට හෝ දුම්රියට ගොඩවීමට පෙර දෑත් සෝදා ගන්නා ලෙසත්, දුම්රියපොළින් හො බස්නැවතුම් පොළින් බසින විට දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාත්මක කරන අතර එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යත් දෛනිකව අධීක්‍ෂණය කරන ලෙසද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

