ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ නිසා දුම්රිය රියදුරු වැඩවර්ජනය දිගටම පවත්වන බව රියදුරු සංගමයේ ලේකම් කේ ඒ යූ කොන්තසිංහ මහතා කියයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී ඒ පී ආරියරත්න මහතා පැවසුවේ විශ්‍රාමික රියදුරන් යොදාගෙන කාර්යාල දුම්රිය 39ක් ද ඇතුළුව සියලු මාර්ගවල 90%ක් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

