‘දුටුගැමුණු රජතුමන් නතර කළ තැනින් මම පටන් ගන්නවා‘


(නිමල කොඩිතුවක්කු)

තමන් ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාදිපයට පැවැසීය.
 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද තමන් තමන් පත්කර ඇති බවත්  ඔහු සඳහන් කළේය.
 
දුටුගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂාව  බවද  මර්වින් සිල්වා මහතා පැවැසීය.
 
තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.