(නිමල කොඩිතුවක්කු)
වෘත්තිය සමිති වලට සහ මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි පාසල් වසා දැමිය නොහැකි බවත් අනිද්දා (4) දිනයේ දිවයින පුරා පිහිටි සියලූම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාසල් වසා දමන බවට ව්‍යාජ වාර්තා පල වීමෙන් ලක්ෂ 42ක් වන පාසල් දරුවන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (2) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම එක් එක් පුද්ගලයාගේ දේශපාලන ඕනෑ එපාකම් මත අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.