(ජේ.කේ.එල් චාමින්ද)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරග වැදීමට සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන්, සිනමා නළු අර්ජුන් කමලනාත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබී නොමැත.

මහමැතිවරණයට පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින තිලකරත්න දිල්ෂාන් මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත්කර තිබිණි.
සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ ආරාධනයෙන් ගාල්ලෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන බව සඳහන් කර තිබුණි.
තිලකරත්න දිල්ෂාන් හා අර්ජුන කමලනාත් යන මහත්වරු දෙදෙනා ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු ද අරඹා තිබිණි.
බද්දේගම ආසනයේ ශ්‍රීලනිප ආසන සංවිධායක එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාටද නාමයෝජනා හිමි නොවීම විශේෂයකි.
නිශාන්ත මුතුහෙට්ටිගම මහමැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂ ක්‍රියාකාරින් හමුවෙමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා බාරදෙනු ලැබූ අතර එම ලැයිස්තුවේ මොවුන් තිදෙනාගේ නම් සඳහන් කර නොතිබිණි.

