‘දිනුමක් ඇදිලා : තෑගි ගන්න සල්ලි බඳින්න‘


වාර්ෂික දිනුම් ඇදීමකින් ත්‍රී රෝද රථයක් දිනුම් ඇදී ඇතැයි පවසමින් තමාට ලියුමක් ලැබුණු බවත් එහි සඳහන් පරිදි ලියාපදිංචි හා රක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු ත්‍යාගය ලබාගත හැකි බවත් දැනුම්දුන් බව කියමින් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අයකු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ජෙනරල් මෝටර්ස් පුද්ගලික සමාගම සහිතව, ලියාපදිංචි අංක හා ඊමේල් ලිපිනයක්ද පෞද්ගලික ලිපිනයක්ද එහි සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. ලිපියේ සඳහන් 011 524 80 57/ 071 625 81 24 හා 077 055 94 69 යන අංකවලට ඇමතුම් ලබාගැනීමට උත්සාහ කළද එම අංක ක්‍රියාවිරහිතව පවතින බවත් පොලිසිය පවසයි. ගාලු පාර, කොළඹ 03 නමැති ලිපිනයක්ද එහි සඳහන්ව ඇති බවත් කියති.

මෙවන් වංචා රැසක් පසුගිය සමයේ සිදුවූ බවත් මෙවැනි රැවටිලිකාරයන්ට හසු නොවන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අදාළ ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.