‘දිනන්න බලාගෙන තරග කළේ නෑ‘ - සිවාජිලිංගම්


මනාප 91 ක්  පමණක් ලැබුණත් තමාගේ  උත්සහය සාර්ථක බව හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  හා  අගමැති  රනිල්  වික්‍රමසිංහ මහතාට  විරුද්ධව මෙවර මහමැතිවරණයේදී  කුරුණෑගල දිස්ත්‍රික්කයට  ස්වාධීනව තරඟ  කළ දෙමළ ජාතික සන්ධානයේ  උතුරු  පළාත්  සභා  මන්ත්‍රි  කේ.  සීවාජලිංගම්  මහතා  පැවසුවේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  නාම යෝජනා  බාර දෙනු  ලැබුවේ  ජයග්‍රහණය අපේක්ෂාවෙන්  නොවන අතර  ජාතික හා  ජාත්‍යන්තර  වශයෙනුත් තම මතය ඉදිරිපත්  කීරිමට අවස්ථාව ලැබුණු  බව ඔහු  කීවේය.