‘දින 100 වැඩපිළිවෙළට පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වුණා’- රාජිත



 
රංජන් කස්තුරි
 
දින සියයේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වු බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.


මැතිවරණ ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා බාහිර පාර්ශ්ව ගණනාවක් සම්බන්ධවු පළමු අවස්ථාව එය වන බවද එහිදී රාජිත සේනාරත්න මහතා කීය.


කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.


දින සියයේ වැඩපිළිවෙළ සකස් කරන්න පාර්ශව ගණනාවක් සම්බන්ධ වුණා. හැබැයි ජනාධිපතිවරයා ඒක හදන්න සම්බන්ධ වුණේ නැහැ. හැදුවේ වෙ කට්ටියක්. අපට එදා තිබුණේ මාසයයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස එතුමා ප්‍රධාන ප්‍රචාරක කටයුතුවලට හිර වෙලා හිටියයා. මමයි රතන හාමුදුරුවෝ,අසෝක අබේගුණවර්ධන, පාඨලී චම්පික,විශ්ව විද්‍යාල ආචාර්යවරු දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පිරිස්,සිවිල් සංවිධාන නියෝජිතයින් වගේ පිරිසක් හිටියා.අපි ජාතික වැඩපිළිවෙළක් හැදුවා.ඒක තමයි කතාව.


හැබැයි ජනාධිපතිතුමා කියන කතාවත් තර්කයක් තියෙනවා. එජාපයට පාර්ලිමේන්තු ආසන 42 ක් තියාගෙන කොහොමද වැඩි බලයක් ගන්නේ.අයවැය දිනවන්න, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වගේ වැඩපිළිවෙළක් ඕනෑ.