එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින 100 වැඩපිළිවෙළේ ඔක්සිජන් අප්‍රේල් මහ 23 වැනිදායින් අවසන්වන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණයේදී නැවත ජාතික ආණ්ඩුවක් පත් කරගැනීමට නැවත ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් අලියා ලකුණින් තරඟ වදින බවත් ඒ සඳහා ආසන සංවිධායකයන් හා ශාඛා සමිති දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
එම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක



