ලබාදුන් ජනවරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මැද ලැබූ මෙම ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බවත් මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් සියලු ආදරණීය ඡන්ද දායකයින්ට හා පාක්ෂිකයින්ට තමාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන බවත් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටියි.
පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.

