(වීනිතා ගමගේ)
ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත‍්‍රීවරු තවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් ඔවුන්ගේ මන්ත‍්‍රීභාවය අහෝසි කිරීමෙන් නොනැවතී සිර දඬුවම් දිය යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ද්විත්ව පුරවැසි භාවය ඇත්නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට එය නුසුදුසු කමක් බව මේ වනවිට රටම දන්නා බවත් නොදන්නා බව කවුරුන් හෝ පැවැසීම පිළිගත නොහැකි බවත් අමාත්‍යවරයා කියයි.
එය දැන දැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීම සමාව දිය නොහැකි වරදක් ඒ මහතා පවසයි.
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම අහිමිකිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇති නිසා ඇය මන්ත‍්‍රීධුරය වෙනුවෙන් ලැබු සියලූ වරප‍්‍රසාද ආපසු ගෙවිය යුතු බවට තීන්දු වී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.
තවත් කිසිවෙකු හෝ සිටින්නේ නම් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද කියයි.
ද්විත්ව පුරවැසි භාවය තමන්ටත් ඇතැයි සමහරු පවසන බවත් මාධ්‍යවල පවා ඒ බව සඳහන් වූ බවත් කී අමාත්‍යවරයා තමන්ට ශ්‍රී ලංකාවේ හැර කිසි දිනෙක කිසිදු රටක පුරවැසි භාවයක් ලැබී නොතිබු බවද ප්‍රකාශ කරයි.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(09) පැවැති මාධ්‍ය හමුවකදීය.

