මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ අඩුවක් ඇති වන්නට කිසිදු ඉඩක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පවසයි.
බලපත්‍ර නික්‍රත් කිරිම් මත ගැටලුකාරි තත්වයක් ඇති වුවත් සියලුම අලි හිමියන් බෞද්ධයන් බැවින් පෙරහර සඳහා අලින් ලබා නොදී සිටීමේ අවදානමක් ඇති නොවනු ඇතැයි ඔහු කියයි.
පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජා සේනානායක මහතා පවසන්නේ දැනට අලි අයිතිකරුවන් සතුව අලි 126 ක් සිටින බවත් හිටපු ජනපති රජමහා විහාර වලට අලින් 17 ක් පමණ ලබාදි ඇති බැවිනුත් මහනුවර දළඳා පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 80 කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවනු ඇති බවයි.
අලි හිඟයක් මවා පා පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගි කරවන්නට නොහැකි බව පෙන්වා දෙන්නේ හොර අලි හිමියන් බවත් සේනානායක මහතා පවසයි.

