‘දළදා පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් යොදන්න‘


(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක )

මහනුවර දළදා පෙරහර පැවැත්වෙන කාල සීමාවේදී ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (31) ඉල්ලීමක් කළේය.

පෙරහර ඉලක්ක කරගනිමින් ප්‍රශ්න ඇතිකළ හැකි බවට දූෂමාන ආරංචි තිබෙන බවද ඇමතිවරයා සදහන් කළේය.

එබැවින් පෙරහැරේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද ඇමතිවරයා කීවේය.