පසුගිය දින 12 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 106 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසයි.
ජූනි 1 සිට ජූනි 12 දක්වා ගතවූ දින කිහිපයේදී දිවයින පුරා අනතුරුවලින් යතුරුපැදිකරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් කුඩා දරුවන් ඉන්ධන ටැංකිය මත තබාගෙන යාම, වංගුවලදී වාහන පසුකර යාම, දෙදෙනකුට වඩා යතුරුපැදියක ගමන් කිරීම, අධික වේගය, ආරක්ෂිත හිස්වැසුම් නිසියාකාරව නොපැළඳීම හා බීමත්ව රිය පැදවීම යන හේතු මත මෙවැනි අනතුරු බහුලවී ඇතැයි සේනාරත්න මහතා කියයි.
මෙවැනි වැරදි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.

