‘දරුවන්ගේ ළමා කාලයේ නිදහස නැතිවෙලා‘


ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්  සිසු දරුවන් 200කට ත්‍යාග සහතික හා සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා ගාල්ල ඕල්ඩි ගෝල් හෝටලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

‘අද අපේ දරුවන් දැඩි තරගයක නිරතවෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. දරුවන් මේ තරගයේ නියැලෙන්නේ දෙමාපියන් මේ තරගයේ නියැලෙන නිසයි. තිබෙන ඛේදවාචකය තමයි දරුවන්ට දරුවන්ගේ ළමා කාලය ඒ අයුරින් ගත කිරීමට ඉඩක් නොමැතිවීම. අධ්‍යාපනය අවශ්‍යයි වගේම ළමයා කියන කෙනා දෙමාපියන්ගෙ ඒ වයසේ ගතකළ යුතු ආකාරයට ඔවුන්ට නිදහස ලබාදීමට දෙමාපියන් වැඩිහිටියන් හැටියට අපට විශාල වගකීමක් තිබෙනවා. රජයක් ලෙස අපි දරුවන් වෙනුවෙන් කළයුතු දේ හොදින් හදුනාගෙන අවබෝධයෙන් සැලසුම් සහගතව කිරීමට පියවර ගෙන තිබෙනවා‘

11212746_1020811302015102932594710835517_n 12108827_10208113020809660_201510295618253845_n 12109144_10208113020889662201510298111784_n 12191957_10208113020151029000839_n 12196323_10208113021649682015102961179553_n 12046852015102855013684244231_n