‘දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ඒකකයක්‘


දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටවූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) කොළඹ ආනන්ද විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.

ළමා සුරක්ෂිතතාව සඳහා වූ ජනාධිපති විශේෂ ඒකකය මෑත කාලීනව දරුවන්ට ඇතිවී ඇති අයහපත් තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ඔවුන්ට තෘප්තිමත් වටපිටාවක කාලය ගත කිරීමට ඉඩ සලසන බව ද ජනපති කීවේය.

පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් හේතුවෙන් දරුවන්ට වඩාත් සුරක්ෂිත ස්ථානය වන්නේ පාසල යැයි පැහැදිලිවූ බවත් දරුවන්ට නොමිනිසුන්ගේ කරදරවලට මෙන්ම තම මව්පියන්ගේ විවිධ පීඩා කිරීම්වලටද ලක්වන්නට සිදුව ඇතැයිද ජනපතිවරයා ප්‍රකාශ කළේය. 

Ananda_20151026-(2) Ananda_20151026-(3) Ananda_20151026-(4) Ananda_20151026-(5) Ananda_201510261078