මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම පනත පුද්ගල නිදහසට ඉතා තීරණාත්මක ලෙස බලපාන කාරණයක් බවයි.
රාජගිරියේ පැවති සිවිල් ක්‍රියාකාරිකයින් සඳහා වන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් රැසක් මර්දනය සඳහා මෙම පනත යොදා ගැනුණු බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය. විශේෂයෙන් කාල සීමාවක් රහිතව පුද්ගලයින් රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනෙන බව ඔහු පෙන්වා දෙයි.මෙරට ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් මෙම පනත ක්‍රියාත්මක් වීම මෙරට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරිම සඳහා බාධාවක් බව ඒ මහතාගේ අදහසයි.මෙම පනත අහෝසි කිරීමට හෝ බල රහිත කිරීමට වත්මන් රජය වහාම කටයුතු කළයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

