(ජුඩ් සමන්ත)
මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් “තොඩුවාවේ කුඩු රැජින” ලෙසින් හඳුන්වන කාන්තාවක් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ මහතා නියෝග කළේය.
මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූණි.
සැකකාරිය සන්තකයේ තිබී හදුනා නොගත් මත් පෙති 15 ක්,හෙරෝයින් ග්‍රෑම් 1260 ක්,සහ ගංජා ග්‍රෑම් 10 ක්ද පොලිස් බාරයට ගෙන තිබුණි.
පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහවැව - තොඩුවාව පදිංචි 34 හැවිරිදි කාන්තාවක්ය.
මීට පෙර හෙරෝයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය සිර දඬුවම් විඳ පැමිණ මාස තුනක වැනි කාලයකින් නැවත මෙලෙස මත් කුඩු ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.