‘තේ වෙන්දේසියේදී වැඩි මිලක් දෙනවා‘


තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

අද (1) පෙරවරුවේ එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ඇමැතිවරයා කීවේ මෙය කෘතිමව මිල වැඩි කිරීමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවයි.