‘තේ දළු දින දින අඩු අඩුවේ : කම්කරු වැටුපත් නොම වැඩිවේ‘


දිනපතා වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරය පුරා සෙමෙන් වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය අදත් සිදුවේ.

කම්හල් රැසක් වසා දමා ඇති අතර නෙලූ තේ දළු කම්හල් ඉදිරිපිට ගොඩගසා ඇත.

වතු කම්කරුවකුගේ දැනට වැටුප රුපියල් 600කි. වැවිලි සමාගම් පවසනුයේ ලෝක වෙළඳපලේ තේ මිල පහත වැටීම නිසා එම ඉල්ලීම් ඉටු කළ නොහැකි බවයි.

සෙමෙන් වැඩ කරමින් පැය 8කදී තේ දළු කිලෝ 5ක් පමණක් නෙළීමෙන් දළු මෝරා යන බවද තේ කම්හල් වසා දමා ඇති නිසා කොළඹ තේ වෙන්දේසියට උඩරට තේ නිකුත් කිරීම අසීරු බවද වැවිලි සමාගම් කියයි.

බොහෝ සේවකයෝ අද කළු ඇඳ සිටියහ.

DSC00018 DSC00067 DSC00069 DSC00093 DSC00103 DSC00115 DSC00118