‘තෙල්බාලා‘ගේ දියණිය හොරොයින් සමඟ අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

මෙරට සිදුවූ  අපරාධ රැසකට සම්බන්ධ ව සිට ඉන්දියාවට පලා ගොස් එහිදී මියගිය  කරුපයියා බාලේන්ද්‍රන් හෙවත්  "තෙල්බාලා" නැමැත්තා  ගේ දියණිය හෙරොයින්  සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .

අත්අඩංගුවට  ගත් අවස්ථාවේ සැකකාරිය සන්තකව  හෙරොයින් ග්‍රෑම්  50 ප්‍රමාණයක් තිබී ඇත .

අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුපයියා නිර්මලා  (41) නැමැත්තිය බවත් ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

මෙරට අපරාධ රැසකට සම්බන්ධ තෙල් තෙල්බාලා  නැමැත්තා  නීතියෙන් බේරීම සඳහා මීට  වසර 15  ට ආසන්න කාලයක් පුරා මේරටන්    පලා ගොස්  ඉන්දියාවේ  ජවත්ව     ඇති අතර   මීට වසර තුනකට පමණ පෙර ඔහු එරට දී අසනීපව මියගොස් තිබිණි .