‘තෙල් මිල අල්ලං රටට මඩ ගහනවා‘
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්‍රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් ක්‍රියා කරතියි මහින්ද රාජපක්ෂ ජනපති කඩවත දී අද (18) ප්‍රකාශ කෙළේය.
කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ ආරම්භ කරමින් ජනපති පැවැසුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වූ නිසා තෙල් මිල වැඩි කළා මිස ජනතාවට බර පැටවීමට රජය එසේ නොකළ බවයි. තෙල්මිල වැඩි කිරීමෙන් අපහසුතාවට පත් සියලු කොටස් වලට දැනටම සහන සලසා ඇතැයි ද ජනපති කීවේය.
තෙල් වැඩි කිරීමට එරෙහිව දින කිහිපයක් රටපුරා උද්ඝෝෂණ පැවැතියේය. ජනපති ඒ සම්බන්ධයෙන් කථා කළ මුල්ම අවස්ථාව මෙයයි. ජනපති රටේ ස්ථාවරය ද පැහැදිලි කෙළේය.

