‘තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ - මැදමුලනට රට දෙනු මැන නැතිකර සතුරු හෙනේ‘


රට යළි බාරගෙන රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යළි පත් කරන්නැයි නිදහස් සන්ධානයේ පිරිසක් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් අද ඉල්ලා සිටියහ.

පෞද්ගලික බස් 60ක් ඇතුළු වාහන සිය ගණනකින් කොළඹ සිට මැදමුලනට යමින් සිටි මේ පිරිස දෙවිනුවර ඓතිහාසික උපුල්වන් දෙවොලේ දී මහින්දට සෙත් පතා දෙවියන් යැද පුද පූජා කළහ.

බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී ඇල් පීරිස්, ගාමිණී ලොකුගේ, මනූෂ නානායක්කාර, ජානක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ටී බී ඒකනායක මහත්වරු ඇතුළු හිටපු මැති ඇමැතිවරු ද මේ පූජාවට එක්වූහ.

DSC01338(1) DSC01350 DSC01365 DSC01371