‘තීන්දුව මැදහත්ව බාරගන්නාව‘
සරත් පොන්සේකා මහතාට දුන් තීන්දුව මැදහත් සිතින් පිළිගන්නා බව පොන්සේකාගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය ද (18) කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය හමුවේ කියා සිටියාය. තවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතු කාලය එළැඹ ඇති බව ද ඇය කියා සිටියාය. කෙසේ වෙතත් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිවකුටත් ශාප කිරීමට තමා පහත් මට්ටමකට පත් නොවන බව ද ඇය කීවාය.

