‘තැන තැන මාධ්‍ය සාකච්ඡා එපා‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් විවිධ ස්ථානවල දී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ අදහස් පළකිරීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිසුල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඇමැතිවරයා එලෙස කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට තම අදහස් පළ කිරීමට අවශ්‍ය නම් හෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය නම් පක්ෂ මූලස්ථානය ඊට යොදා ගත හැකි බව කී ප්‍රේමජයන්ත මහතා තම පක්ෂයේ මතයට අනුගත වෙමින් ඔවුන්ට අදහස් පළ කළ හැකි බව ද කීවේය.