(නිමල කොඩිතුවක්කු)
ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රි රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමෙන්ම රටේ ජාතික ආරක්ෂාව පත්ව ඇති තත්ත්වය පැහැදිලි වන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව ලීසින් සහනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීම හේතුවෙන් සුනිල් ජයවර්ධන මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බව ද හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දි අද (11) m%කාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කර වහාම දැඩි දඬුවම් පමුණුවන ලෙසද ඔහු වැඩිදුරටත් පැවසීය.

