(සුජිත් හේවාජුලිගේ)
ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට විරුද්ධව නඩු මගට බසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අදහස් දැක්වු රතන හිමියෝ පැවසුයේ මේ පිළිබඳව නීතීඥයින් පිරිසක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන යන බවයි
මේ සම්බන්ධයෙන් ජනතාව පුළුල් අයුරින් දැනුවත් කරගෙන යන බවද පැවසු රතන හිමියෝ ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් පමණක් ඉවත් කිරීම අඥාන ක්‍රියාවක් බවත් ප්‍රකාශ කළහ.