(විනීතා එම් ගමගේ)
ආගමික අන්තවාදය පතුරුවන තවුහිද් ජමාද් ඇතුළු සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
එම සංවිධානවල කි‍්‍රයාකාරකම් නවතාලීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය පියවර ගත හැකි වන්නේ එසේ තහනම් කළහොත් පමණකැයි ද ජයසේකර මහතා කියා සිටියේය.
තවුහිද් ජමාද් සංවිධානය තහනම් කිරීමට පියවර ගතහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට බොහෝ රටවල් පියවර ගනු ඇති බව කී ජයසේකර මහතා එම සංවිධානයේ සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් දැන් දැන් තහනම් කිරීමට පියවර ගත යුතු බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් එවැනි තහනමකට යාමට යම් කාලයක් ගත වනු ඇතැයි පැවසූ ශ්‍රීලනිප මහලේකම්වරයා එබැවින් ඒ සදහා ඉක්මන් පියවර ගත යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

