සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
නැවත වරක් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ හමුදාවලට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ.
ඉකුත් අප්‍රේල් 4 වැනිදා එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට සිරියානු රජයේ හමුදා සැලැසුම් කරන බවට අනාවරණය වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අප්‍රේල් 4 වැනිදා සිරියාවේ එල්ල වූ රසායනික ප්‍රහාරයෙන් පසු සිරියානු ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝග කළේය.
“අසාද් රෙජීමය තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඔවුන් අහිසංක සිවිල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතරවාරයේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා. අසාද් පාලනය තවත් රසායනික ප්‍රහාරයක් එල්ල කළොහත් ඔවුන් ඊට වන්දි ගෙවන්න සිදුවේවි” යැයි ධවල මන්දිර ප්‍රකාශක සීන් ස්පයිසර් මහතා පැවැසීය.
(රොයිටර් ඇසුරෙනි-055)

