ඇමති මණ්ඩලය සඳහා ඇමතිවරු තිස්දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පත් කිරීම මඟින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති හෙයින් දැනට පත් කර ඇති ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සංඛ්‍යාවට වඩා තවත් ඇමතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
හඳපාන්ගොඩ පදිංචි නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වූයේ ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණයේදී ඡන්ද දායකයෙක් ලෙස තමා ඡන්දය භාවිතා කළ බවත්, මැතිවරණයේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මේ වන තෙක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෝ එම ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට ජනාධිපති ක‍්‍රියා නොකළ බවය. එසේම ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රධානියා වුවද ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට හිමිකම් නැති බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.එබැවින් සිය පෙත්සම විභාගයට ගන්න ලෙසත් ,නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ප‍්‍රකාශයට පත් කරන්නැයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

