(සුජිත් හේවාජුලිගේ )
තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය .
රටේ ආර්ථිකය ස්ථාවර තත්වයකට එනතුරු අපහසුවෙන් වුව එවැනි තීන්දු වලට යෑමට සිදුවන බව කී රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගතය හමුවේ රට ඉදිරියට ගැනීමට සෑම දෙනකුම කැපවීම් කළ යුතු බවද සඳහන් කළේය.
පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබා දීම නිසා දේශීය වාහන කර්මාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බවද ඔහු පැවසුවේය.

