තරුණ කණ්ඩායම් හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පරාජය කිරීමට ඡන්දය ලබාදුන්නේ 88, 89 කාලයේ මෙරට සිදුවූ භීෂණ පිළිබඳ තිබූ නොදැනුවත්කම නිසා යැයි සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ජාතික පුස්තකාලයේ අද (3) පැවති කලාකරුවන්ගේ හමුවකදී පැවසීය.
එම ඉතිහාසය හොඳින් විමසීමෙන් පසුව මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දු ගැනීමට කටයුතු කරන්නැයි මෙරට තරුණ කණ්ඩායම් වලින් මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වීරසිංහ මහතා කීවේය.


