‘තරාතිරම නොබලා දඬුවම් කරනවා‘ - ජනපති


අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ අයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, වැරදකරුවනට බුරුලක් නොදෙන බවත් මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.

මහා සංඝරත්නය හා මුස්ලිම් මවුලවිවරුන් සමඟ මෙම සාකච්ඡාව සංවිධානය කැරුණේ යුද හමුදාවෙනි.

එහි දී දෙපාර්ශ්වයම පොලිසියේ දොස් දුටුවේය.

සිදුවී සියලු දේ පිළිබඳ තොරතුරු තමා ළඟ ඇතැයි ජනපති එහි දී කීවේය.

බොලිවියාවේ සිට පැමිණි ගමන් තමා මුලින්ම බේරුවලට ආ බව ද ජනපති කීවේය.