ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න අද ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ බෝට්ටු චාරිකාවක යෙදුණේය.
ඇමැති සමඟ ගමන් කළ ධීවර සමිති නියෝජිතයෝ සේනානායක සමුද්‍ර රක්ෂිතය කැලෑ පාළුවන්ගේ ග්‍රහණයට අසුවී ඇති සැටිත්, අනවසර ධීවරයන්ගෙන් සැබෑ ධීවරයනට තර්ජන එල්ල වන සැටිත් විස්තර කළහ.
අවි ගත් දාමරිකයන් කැලෑ වැදී වන සංහාරයේ යෙදෙන බවත් ඔවුහු කීහ.
ධීවරයන්ගේ රැකියාවට තර්ජන එල්ලවන අවස්ථාවල දී නීත්‍යනුකූලව අවි පරිහරණය කළ හැකි වනජීවී නිලධාරයන් සමඟ යන ලෙසත්, එවිට ඔවුන්ගේ ආරක්ෂාව ද සැලසෙන බවත් ඇමැති ධීවරයනට කීවේය.
(වීඩියෝ දසුන නරඹන්න)

