සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ මුස්ලිම් මහ පල්ලියට ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු ප්‍රකාශ කළේය.
තමන්ට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ආදී පක්ෂ අවශ්‍ය විට සහාය ලබාදෙනු ඇති බවත් විපක්ෂය කොයි තරම් නම්‍යශීලී වෙයිද යන්න බලා සිටින බවත් ඒ මහතා පැවසීය.
ඔවුන්ගේ විරෝධතාවයක් ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

