(අංජුල මහීක වීරරත්න )
ඩොලරය ඉහළ යාමත් සමඟ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය වැඩි වී තිබෙන නමුත් ණය ප්‍රශ්නය විසඳන්නේ නැතිව රටට අනාගතයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරලැස්ගමුවේදි අද (21) පැවසීය.
ණය ප්‍රශ්නය විසඳා අපනයන ආර්ථිකය ඉහළ නැංවීම රට ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය බව කී අග්‍රාමාත්‍යවරයා අනාගතයේදී සංවර්ධන වේගය වැඩිවනවා මිස අඩුවන්නේ නැති බව කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම එරට ඉදිවු කෙළිමඩල ළමා උද්‍යානය විවෘත කරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක වෙරුගස්ගඟ වැසි නල අපවාහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් බොරලැස්ගමුව සංවර්ධන කාර්යාලයේ මෙම ළමා උද්‍යානය ඉදි කර තිබේ.